...පරිවර්තනය...
Friday, May 18, 2018
Thursday, May 17, 2018
දකුණු පළාතේ හඳුනා නොගත් වසංගත රෝගයක්?
දකුණු පළාතේ හඳුනා නොගත් වසංගත රෝගයක්?
මෙීකත් උපුටා ගැනීමක්,අලුත් ලිපි ලඟදීම දානවා.එතකන් මෙී පෝස්ට් එක කියවන්න....
දැනට දකුණු පළාතේ පැතිර යන ඉන්ප්ලුවෙන්සා රෝගී තත්ත්වය වසංගත රෝග තත්ත්වයක් දක්වා පැතිර යා හැකි බවට සෞඛ්‍ය බලධාරීහු අනතුරු අඟවති. මීට මාසයකට පෙර සිට ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි දරුවන් 5 දෙනෙකු මිය ගොස් ඇතත් ඊට නිශ්චිත හේතුව මේ දක්වා හඳුනාගෙන නැතැයි රෝහල් අධ්‍යක්ෂ ජයම්පතී සේනානායක මහතා ප්‍රකාශ කරයි.
එමෙන්ම මෙය වසංගත රෝග තත්ත්වයක් සේ වර්ධනය වීමට පෙර පාසල් සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව අවධානයෙන් පසුවන බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශ ප්‍රකාශයෙක් කීය.
කුඩා දරුවන්ට සේම වැඩිහිටියන්ට ද මෙම රෝගය වැළඳිය හැකි බැවින් මහජනතාව ගැවසෙන ස්ථාන වලින් ඈත්වී සිටීම සහ කිවිසුම් පිටවීමේ දී මුව ආවරණය කරගැනීම ආදිය මූලික පියවර වශයෙන් ගත හැකි බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා කීය.
මේ අතර මාතර, තංගල්ල, හම්බන්තොට ආදී ප්‍රදේශ වල මේ බවට සැකකෙරෙන රෝගීන් කිහිප දෙනෙක් හඳුනාගෙන ඇතැයි ද සෞඛ්‍ය බලධාරීහු ප්‍රකාශ කරති.
එස්.ටී.පී.සිල්වා
නාය අවදානමෙන් පවුල් 15,000ක් ඉවතට
නාය අවදානමෙන් පවුල් 15,000ක් ඉවතට
(ලක්බිම පුවත්පතෙන් කළ උපුටා ගැනීමකි.)
මෙරට නායයෑමේ අධි අවදානමක් පවතින ප්‍රදේශවල පවුල් 15000 ක් පමණ සිටින බව හඳුනාගෙන ඇති අතර එම ප්‍රදේශවලින් ජනතාව ඉවත්කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආසිරි කරුණාරත්න මහතා පැවැසීය.
ඒ මහතා මේ බව පැවැසුවේ ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ඊයේ (17) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය.
මේ වන විට නුවරඑළිය, බදුල්ල, මාතලේ, කෑගල්ල, කළුතර, හම්බන්තොට ආදී දිස්ත්‍රික්ක ගණනාවක නායයෑමේ අවදානම පවතින බව හෙතෙම පෙන්වා දුන්නේය. ඒ අනුව මෙම වසර තුළ පවුල් 6000ක් එම අවදානම් ප්‍රදේශවලින් ඉවත් කිරීමට සැලසුම්කර ඇති බවත් ආසිරි කරුණාරත්න මහතා පැවැසීය.
මේ වන විටත් කෑගල්ල දිස්ත්‍රික්කයේ නිවාස 1200ක් ඉදිකිරීමේ කටයුතු සිදුකරමින් තිබෙන අතර මෙම නිවාස නායයෑම්, ගංවතුර ආදියට ඔරොත්තු දෙන සුරක්ෂිත නිවාස ලෙස ඉදිකෙරෙන බවත් ආසිරි කරුණාරත්න මහතා පෙන්වා දුන්නේය.
මේ අතර අවදානම් ස්ථානවල ජීවත්වන ජනතාවට ආරක්ෂිත ස්ථානයකින් ඉඩමක් මිලදී ගැනීමට ආධාර ලෙස රුපියල් ලක්ෂ 4ක්, නිවසක් ඉදිකර ගැනීමට ලක්ෂ 16ක් වශයෙන් ලබාදෙන වැඩසටහනක් ද ආරම්භ කළ බව මෙම මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් විෂය භාර අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවැසීය.
ගයාත්‍රී ගීගනආරච්චි, ප්‍රසාදිකා ජයවර්ධ
ජාතික රණවිරු සැමරුම අද
ජාතික රණවිරු සැමරුම අද
(ලක්බිම පුවත් පතෙන් සිදු කළ උපුටා ගැනීමකි.)
තිස් වසරක් පුරා පැවැති කුරිරු යුද්ධය නිමා කර හෙට (19) දිනට වසර නවයක් සපිරීම නිමිත්තෙන් ජාතික රණවිරු අනුස්මරණ උත්සවයක් හෙට දින පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ රණවිරු ස්මාරකය අසලදී පැවැත්වෙන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බිග්‍රේඩියර් සුමිත් අතපත්තු මහතා පවසයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට පස්වරු 3.15 සිට සවස 6.15 දක්වා මෙම රණවිරු උත්සවය පැවැත්වේ.
තිස් වසරක් පුරා පැවැති යුද්ධයේදී යුද හමුදාවේ 23962 ක්, නාවික හමුදාවේ 1160 ක්,ගුවන් හමුදාවේ 443ක් රට බේරා ගැනීම වෙනුවෙන් දිවි පුදා තිබේ. එමෙන්ම ශ්‍රී ලංකා පොලීසියේ 2568ක් හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ 456ක් ජීවිත පූජා කර තිබේ.
ඔවුන් සිහිපත් කර පැවැත්වෙන මෙම අනුස්මරණ උත්සවයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, සියලුම ආණ්ඩුකාරවරුන්, සියලුම අමාත්‍යවරුන්, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පති ඇතුළු ආරාධිතයන් රැසක් සහභාගි වීමට නියමිතය.
මිට අමතරව යුද හමුදාව විසින් එදිනම සවස 8.00ට කැළණිය රජමහා විහාරස්ථානයේදී පහන් 28619ක් දල්වන ආලෝක පූජාවක්ද සිදු කෙරේ. මෙයටද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගි වේ.
ශානිකා මාධවී පිරිස්
Wednesday, May 16, 2018
සිහිනෙන් දුටු දසුනින් බුදුගල සැරසූ බුදු පුතු
සිහිනෙන් දුටු දසුනින් බුදුගල සැරසූ බුදු පුතු

Monday, May 14, 2018
නිවසට සිරිකත කැන්දන ෆෙන්ග්ෂුයි..
මෙීකත් උපුටා ගැනීමක්.
෴නිවසට සිරිකත කැන්දන ෆෙන්ග්ෂුයි ෴
බොහෝ දෙනකුට ’නිවසක් කියන්නේ දුෂ්කර ප‍්‍රයත්නයකින් පසු සැබෑ කරගන්නා සුන්දර සිහිනයක්. නිවසක් තැනීමෙන් පසු හෝ නව නිවෙසක් මිලදී ගැනීමෙන් පසු හෝ ඉදිරි ජීවිත සබඳතා ගොඩනැගෙන්නේ එය කේන්ද්‍ර කර ගෙනයි. ඔබේ සොඳුරු කැදැල්ල හුදු ගොඩනැගිල්ලක් වනවාට වඩා ආදරය සෙනෙහස, රැකවරණය ආදී සියල්ල කැටිකළ තැනක් වීමයි වැදගත්. ඇත්තට ම ගොඩනැගිල්ලක පිහිටීම, ආකෘතිය සහ එහි අභ්‍යන්තරය විසින් එය රඳවාගනු ලබන ශක්තීන්හි පරිමාව පිළිබඳ කියාපානවා. එසේ රැස්කර ගන්නා ශක්තිය ඔබේ පවුලේ ජීවිත වාසනාවන්ත වීම කෙරෙහි බලපාන බව තේරුම්ගැනීම අවශ්‍ය යි. දැනටමත් ඔබ තුළ ඇති ශක්තීන් සහ මෙසේ ගොඩනැගෙන නව ශක්තීන් අතර මනා සුසංයෝගයක් පැවතීමෙන් එය වඩා බලවත් වන බව ’ෆෙන්ග් ෂූයි’ ශාස්ත‍්‍රයේ සඳහන්. ෆෙන්ග්ෂුයි ප‍්‍රවීණයකු වන ඩිම්පල් ලුනියා පවසන පරිදි නිවෙසක් එහි විවිධ අමුද්‍රව්‍ය සමඟ මෙම ශක්තීන් වැළඳ ගන්නවා. එය ගොඩනඟන බිම වානේ, ජලය දැව ආදී මේ සියල්ලක් අතරම කිසියම් සුසංයෝගයක් තිබිය යුතු බව ඇයගේ අදහසයි. නව නිවසක් පිළිබඳ ඔබ උනන්දුවන්නේ නම් අවධානයට ලක්වියයුතු කරුණු කිහිපයක් පිළිබඳ ඇය ජ්ඡ්ර්ධ්ව්ඒ සඟරාව සමඟ කතාකර තිබුණා. ෆෙන්ෂුයි ශාස්ත‍්‍රයේ
෴ප‍්‍රධාන පිවිසුම / දොර෴
1. ප‍්‍රධාන දොරෙහි ඔබේ නම සහ නිවෙසේ අංකය සටහන් කරන්න. නිදසුනක් ලෙස නිවෙසේ අංකය ’8’ නම් එහි තේරුම එය වාසනාව රැගෙන එන බවයි.
2. ප‍්‍රධාන දොර කිසිවිටෙකත් අඳුරු අවකාශයන්ට වැසිකිළියකට, ජනේලයකට, පඩිපෙළකට, මුල්ලකට යොමු නො විය යුතුයි. එසේ වුවහොත් ඒවා මඟින් ඔබේ නිවස තුළට ප‍්‍රධාන දොරෙන් ඇතුළුවන ශක්තීන් නැවත ඇදගනු ලබනවා. හරියට දර්පණයකින් පරාවර්තනය වන්නක් මෙන්
3. විවිධ පැළවර්ග ආදිය පිහිටුවීමේ දී ප‍්‍රධාන දොරට සෘජුව මුහුණලා නොව පසෙකට වන්නට සිටුවීම සුදුසුයි. නිවස තුළට ශක්තීන් ආකර්ශනය කර ගැනීම පිළිබඳ එය බලපානවා.
4. ප‍්‍රධාන දොර - පසුපස දොරට මුහුණලා පිහිටුවීමෙන් වැළකිය යුතුයි. එසේ වුවහොත් ප‍්‍රධාන දොරෙන් ඇතුළුවන ශක්තීන් පසුපස දොරෙන් පිට වී යනවා.
5.ද්විත්ව දොර භාවිත නො කිරීමත් සුදුසුයි. කෑම කාමරය කෑම කාමරය නිවෙසේ මධ්‍යයට වන්නට පිහිටුවීම සුබයි. විශේෂයෙන් කෑම මේසය ස්ථාපිත කිරීමේ දී එය සෘජුව වැසිකිළි දොරටු ආදියට මුහුණලා නොපිහිටන පරිදි සිදුකළ යුතුයි.
෴නිදන කාමර෴
1. ප‍්‍රධාන නිදන කාමරය ප‍්‍රධාන දොරෙන් හැකිතාක් දුරින් පිහිටුවිය යුතුයි. එය ආරක්ෂාව සම්බන්ධයෙන් වුණත් වැදගත්.
2. නිදන කාමරයේ ඇඳ තිබිය යුතු ආකාරය ගැනත් අවධානය යොමු කරන්න.
3. ඇඳට මුහුණලා දර්පණ නොතැබිය යුතුයි. චීන විශ්වාසයන්ට අනුව අප නින්දේ පසුවනවිට අපේ ආත්මය සිරුරෙන් බැහැරව පවතිනවා. එනිසා මේ අවස්ථාව දර්පණයෙන් පරාවර්තනය වියයුතු නැහැ. එසේ පරාවර්තනය වීම අනතුරු හෝ අයහපත් සෞඛ්‍ය සඳහා හේතුවක් විය හැකි බව චීන ජාතිකයන්ගේ විශ්වාසය යි.
4. ශක්තීන් පහසුවෙන් සංසරණය වියහැකි පරිදි ඇඳන් යට පිරිසුදුව තබාගත යුතුයි.
5. ඇඳ පිහිටුවීම සඳහා සුදුසු තැන කුමක්ද? එය දොරට විරුද්ධ අන්තයේ නම් සුදුසුයි.
6. කාමරයේ ඉදිරියෙන් පෙනෙන පරිදි බීම්ස් නොතිබීම හොඳයි.
෴දරුවන්ගේ නිදන කාමර෴
1. ලී ඇඳන් දරුවන් සඳහා සුදුසුයි.
2. වඩාත් ආවරණය වූ ඇඳන් සුදුසුත් නැහැ.
3. නැවතත් ඉදිරිපස බීම්ස් සහ කබඩ් ස්ථානගත නො කිරීම වැදගත්.
4. ඇඳට හෙඩ්කේස් එකක් තිබීම සුදුසුයි.
෴මුළුතැන්ගෙය෴
1. ඔබේ මුළුතැන්ගෙය නිවෙසේ ඉදිරිදොරට වඩා පසුපස දොරට සමීපවන්නට පිහිටුවන්න.
2. නිවෙසේ කේන්ද්‍රයට වන්නට මුළුතැන්ගෙය පිහිටුවීම සුදුසු නැහැ. එය අසුබ දෙයක් ලෙස සැලකෙනවා.
3. ලිප් ස්ථානගත කිරීමේ දී ඒවා වැසිකිලිවල දොරටුවට මුහුණපාන පරිදි නො පිහිටන බවට වගබලා ගන්න. එසේ වුවහොත් ආහාර පිසීමේ දී එය පවුල වෙත අවාසනාව රැගෙන එන බව විශ්වාස කෙරෙනවා.
5. ලිප් පිහිටුවීමේදී එය ශීතකරණය අසල හෝ ඊට ප‍්‍රතිවිරුද්ධ අන්තයේ හෝ නොවන බවටත්, සින්ක් එක අසල නො වන බවටත්, වැසිකිලියට වඩා පහළ මට්ටමක නොවන බවටත් සැලකිලිමත් වෙන්න. සිහිතබාගත යුතු අත්‍යවශ්‍ය කාරණා සමහරක්
1. ඔබ මිලදී ගන්නා නිවෙස (එය නව නිවෙසක් ම නොවේනම්) පෙර අයිතිකරුවන් ගැන සැලකිලිමත් වෙන්න. එයට බොහෝ අයිතිකරුවන් සිටියේ ද ඔවුන් විවිධ පවුල් ප‍්‍රශ්න වලට මුහුණ පෑ අය ද බංකොලොත්භාවයට පත්වූවන් ද, විවිධ දුෂ්කරතාවන්ට ලක්වූවන් ද යන්න සොයාබැලීම වැදගත්.
2. වටපිටාව ගැන අධ්‍යයනය කරන්න. ගහකොළ මල්වර්ග කුරුලු ශබ්ද, සමනලයන් සහිත වටපිටාවක් හොඳ ශක්තීන් සහිත හොඳ නිවෙසකට තිබෙනවා.
3. ඉදිරි දොර දක්වා වූ අඩිපාර (ප‍්‍රවේශ මාර්ගය) පටුඑකක් වීම නොව පුළුල් එකක් වීම සුදුසු බව ෆෙන්ග්ෂුයි ශාස්ත‍්‍රයේ සඳහන්.
4. උද්‍යානයේ නාන තටාක පිහිටා ඇති ආකාරය ගැන සාලයේ විශාල ගිනිඋදුන් නො තිබිය යුතු බව වැනි කාරණා පිළිබඳ සැලකිලිමත් වෙන්න.
5. සර්පිලාකාර පඩිපෙළ සහිත නිවාස තෝරා නො ගන්න. එමඟින් ධනාත්මක ශක්තීන් ඍණාත්මක කෙරෙන බව සැලකෙනවා.
ධම්මික සෙනෙවිරත්න(උපුටා ගැනීමකි)..
Wednesday, May 9, 2018
ඉංග්‍රීසි වචන ටිකක සිංහල තේරුම් ටිකක්,
Relationship =සම්බන්දතාව්ය
Bonds=බැඳීම්
Attachment=සබැඳියාව. Responsibility =වගකීම Affectionate = සෙනෙහෙවන්ත Frail= ශාරීරිකව දුර්වල/සුමට/පහසුවෙන් කැඩෙනසුළු
Monday, May 7, 2018
අත් අකුරේ කතන්දරේ
Wednesday, May 2, 2018
.නිදි මතට තිත.
අසුනෙන් නැගිට කාර්‍යයාලය තුළ ඇති පඩි පෙලක් නැගීම සහ බැසීම නැතහොත් කාර්‍යාලයෙන් පිටතට පැමිණ අව් රශ්මියට නිරාවරණය නීම වගේ දේවල් මෙී යටතේ කරන්න පුළුවන් ,දීප්තිමත් සූර්යා ලෝකය සහ වෙීගයෙන් ඇවිදීම හේතු කොට ගෙන රුධිර ගමනා ගමනයද වෙීගවත් වෙනවා.එ්වන විට නිදිමත සම්පූර්ණයෙන්ම නැති වෙලා ගිහිල්ල තියේවි.
2.වෙනස් ඉරියවි
3.සීතල වතුර
4.තේ කෝපි
5.සංගීතය
6.ව්‍යායාම
ප්‍රයෝජනවත් වෙබ් අඩවි කිහිපයක්
www.savefrom.net
www.ooowebhost.com
-
(මෙීකත් උපුටා ගැනීමක්)දෙමවුපියන්ගෙ නම්, බිරිඳගේ නම විතරක් නෙවෙයි අනියම් බිරිඳගේ නමත් කියනවා බලංගොඩ ආනන්ද මෛත්රය මහ නාහිමියන්ගේ මෙතෙක් පළ...
-
මෙීකත් උපුටා ගැනීමක්. ෴නිවසට සිරිකත කැන්දන ෆෙන්ග්ෂුයි ෴ බොහෝ දෙනකුට ’නිවසක් කියන්නේ දුෂ්කර ප‍්‍රයත්නයකින් පසු සැබෑ කරගන්නා සුන්ද...
-
රැජිණ පුවත් පත නොමිලයේ භාගත කර ගන්න......පහළින් ලින්ක් එක ඇති.... http://e-paper.lakbima.lk/2018/rejina/rejina_18_05_18/index.htm l