_____......අලුත් ලිපියක් හැමදාම......_____

...පරිවර්තනය...

Thursday, May 17, 2018

නාය අවදානමෙන් පවුල් 15,000ක් ඉවතට

නාය අවදානමෙන් පවුල් 15,000ක් ඉවතට
(ලක්බිම  පුවත්පතෙන් කළ උපුටා ගැනීමකි.)

මෙරට නායයෑමේ අධි අවදානමක් පවතින ප්‍රදේශවල පවුල් 15000 ක් පමණ සිටින බව හඳුනාගෙන ඇති අතර එම ප්‍රදේශවලින් ජනතාව ඉවත්කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආසිරි කරුණාරත්න මහතා පැවැසීය.
ඒ මහතා මේ බව පැවැසුවේ ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ඊයේ (17) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය.
මේ වන විට නුවරඑළිය, බදුල්ල, මාත‍ලේ, කෑගල්ල, කළුතර, හම්බන්තොට ආදී දිස්ත්‍රික්ක ගණනාවක නායයෑමේ අවදානම පවතින බව හෙතෙම පෙන්වා දුන්නේය. ඒ අනුව මෙම වසර තුළ පවුල් 6000ක් එම අවදානම් ප්‍රදේශවලින් ඉවත් කිරීමට සැලසුම්කර ඇති බවත් ආසිරි කරුණාරත්න මහතා පැවැසීය.
මේ වන විටත් කෑගල්ල දිස්ත්‍රික්කයේ නිවාස 1200ක් ඉදිකිරීමේ කටයුතු සිදුකරමින් තිබෙන අතර මෙම නිවාස නායයෑම්, ගංවතුර ආදියට ඔරොත්තු දෙන සුරක්ෂිත නිවාස ලෙස ඉදිකෙරෙන බවත් ආසිරි කරුණාරත්න මහතා   පෙන්වා දුන්නේය.
මේ අතර අවදානම් ස්ථානවල ජීවත්වන ජනතාවට ආරක්ෂිත ස්ථානයකින් ඉඩමක් මිලදී ගැනීමට ආධාර ලෙස රුපියල් ලක්ෂ 4ක්, නිවසක් ඉදිකර ගැනීමට ලක්ෂ 16ක් වශයෙන් ලබාදෙන වැඩසටහනක් ද ආරම්භ කළ බව මෙම මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් විෂය භාර අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවැසීය.

ගයාත්‍රී ගීගනආරච්චි, ප්‍රසාදිකා ජයවර්ධ

No comments:

Post a Comment

Blue Angel Wing HeartBlue Angel Wing Heart