_____......අලුත් ලිපියක් හැමදාම......_____

...පරිවර්තනය...

Thursday, May 17, 2018

ජාතික රණවිරු සැමරුම අද

ජාතික රණවිරු සැමරුම අද

(ලක්බිම පුවත් පතෙන් සිදු කළ උපුටා ගැනීමකි.)

තිස් වසරක් පුරා පැවැති කුරිරු යුද්ධය නිමා කර හෙට (19) දිනට වසර නවයක් සපිරීම නිමිත්තෙන් ජාතික රණවිරු අනුස්මරණ උත්සවයක් හෙට දින පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ රණවිරු ස්මාරකය අසලදී පැවැත්වෙන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බිග්‍රේඩියර් සුමිත් අතපත්තු මහතා පවසයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට පස්වරු 3.15 සිට සවස 6.15 දක්වා මෙම රණවිරු උත්සවය පැවැත්වේ.
තිස් වසරක් පුරා පැවැති යුද්ධයේදී යුද හමුදාවේ 23962 ක්, නාවික හමුදාවේ 1160 ක්,ගුවන් හමුදාවේ 443ක් රට බේරා ගැනීම වෙනුවෙන් දිවි පුදා තිබේ. එමෙන්ම ශ්‍රී ලංකා ‍පොලීසියේ 2568ක් හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ 456ක් ජීවිත පූජා කර තිබේ.
ඔවුන් සිහිපත් කර පැවැත්වෙන මෙම අනුස්මරණ උත්සවයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, සියලුම ආණ්ඩුකාරවරුන්, සියලුම අමාත්‍යවරුන්, ත්‍රිවිධ හමුදාපතිවරුන්, ‍පොලිස්පති ඇතුළු ආරාධිතයන් රැසක් සහභාගි වීමට නියමිතය.
මිට අමතරව යුද හමුදාව විසින් එදිනම සවස 8.00ට කැළණිය රජමහා විහාරස්ථානයේදී පහන් 28619ක් දල්වන ආලෝක පූජාවක්ද සිදු කෙරේ.  මෙයටද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගි වේ.

ශානිකා මාධවී පිරිස්

No comments:

Post a Comment

Blue Angel Wing HeartBlue Angel Wing Heart