_____......අලුත් ලිපියක් හැමදාම......_____

...පරිවර්තනය...

Thursday, May 17, 2018

දකුණු පළාතේ හඳුනා නොගත් වසංගත රෝගයක්?

දකුණු පළාතේ හඳුනා නොගත් වසංගත රෝගයක්?
මෙීකත් උපුටා ගැනීමක්,අලුත් ලිපි ලඟදීම දානවා.එතකන් මෙී පෝස්ට් එක කියවන්න....

දැනට දකුණු පළාතේ පැතිර යන ඉන්ප්ලුවෙන්සා රෝගී තත්ත්වය වසංගත රෝග තත්ත්වයක් දක්වා පැතිර යා හැකි බවට සෞඛ්‍ය බලධාරීහු අනතුරු අඟවති. මීට මාසයකට පෙර සිට ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි දරුවන් 5 දෙනෙකු මිය ගොස් ඇතත් ඊට නිශ්චිත හේතුව මේ දක්වා හඳුනාගෙන නැතැයි රෝහල් අධ්‍යක්ෂ ජයම්පතී සේනානායක මහතා ප්‍රකාශ කරයි.

එමෙන්ම මෙය වසංගත රෝග තත්ත්වයක් සේ වර්ධනය වීමට පෙර පාසල් සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව අවධානයෙන් පසුවන බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශ ප්‍රකා‍ශයෙක් කීය.

කුඩා දරුවන්ට සේම වැඩිහිටියන්ට ද මෙම රෝගය වැළඳිය හැකි බැවින් මහජනතාව ගැවසෙන ස්ථාන වලින් ඈත්වී සිටීම සහ කිවිසුම් පිටවීමේ දී මුව ආවරණය කරගැනීම ආදිය මූලික පියවර වශයෙන් ගත හැකි බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා කීය.

මේ අතර මාතර, තංගල්ල, හම්බන්තොට ආදී ප්‍රදේශ වල මේ බවට සැකකෙරෙන රෝගීන් කිහිප දෙනෙක් හඳුනාගෙන ඇතැයි ද සෞඛ්‍ය බලධාරීහු ප්‍රකාශ කරති.

එස්.ටී.පී.සිල්වා

No comments:

Post a Comment

Blue Angel Wing HeartBlue Angel Wing Heart