ඔන්න දවස් කීපයකට පස්සෙ අලුතින් පෝස්ටුවක් දාන්න හිතුනා අද මම කතා කරන්න යන මාතෘකාව මොකද්ද කියලා උඩින් දාලා තියෙන මාතෘකාවෙන්ම දැනගන්න පුළුවන් වෙන්න ඇතිනෙ.හා,,, තව දෙයක් කියන්න තියනවා මෙී පෝස්ට් එකට අඳාළ තොරතුරු ගත්තෙත් සිරිකත පත්තරේක තිබිලා. එහෙනම් මෙී පෝස්ට් එකත් කියවන්නකෝ.
1.ඔබෙී අත් අකුරේ ප්‍රමාණය.
අත්අකුරු වල ප්‍රමාණය මගින් කියවෙන්නේ කොයිතරම් දුරට ඔබ විවෘතද යන්නයි.රූල මත ඉතාම කුඩාවට කොටින්ම කිව්වොත් රූලෙන් අටෙන් එකක් වගේ කුඩාවට අත් අකුරු ලියන අය බෙහෙවින්ම ගුප්තයි. .ඒ වගේම නිහඩයි.ඔවුන් දුකක් වුනත් සතුටක් වුනත් ලෙහෙසියෙන් පිටතට නොපෙන්වන අයයි.ඒ වගේම දක්ෂයි,නිර්මාණාත්මකයි,නමුත් එය පෙන්වීමට වැඩි උත්සාහයක් ගන්නෙ නැහැ. අත් අකුරු රූල පිරෙන තරමට ලියන අය බෙහෙවින් ම විවෘත්තයි.
ඇත්තටම කිව්වොත් විවෘත වැඩියි.මොවුන්ට රහස් රකින්න නම් බැහැම තමයි.බොහෝ විනෝදයෙන් කල් ගෙවන මොවුන් කලාවට දක්ෂයි .ඒත් නොසැලකිලිමත් ඒත් තව දෙයක් කියන්න තියනවා ඒක තමයි මොවුන් සතුව හොඳ ආත්ම ශක්තියක් තියනවා ලෙහෙසියෙන් උණුවන හිත් ඇත්තන් . මධ්‍යයම ප්‍රමාණයේ අත් අකුරු හිමි අය ඉහත සඳහන් කරන ලඳ දෙපිරිසෙහිම ලක්ෂණ සමව දරන සමබර චරිත ඇත්තන් නමුත් ටිකක් කපටියි.
2.අකුරු අතර ඉඩ
මින් කියවෙන්නේ ඔබෙී මනස ගැනයි.අත් අකුරු ඉතාමත් ළඟින් ලියන්නේ සෑම විටම පීඩනයෙන් සිටින අයයි.ඔවුන් ජීවිතය ගෙවන්නේ සිර ගත වූවන් අයුරින් අත් අකුරු වල සමාන්‍යයෙන් හොඳ පරතරයක් පවතින්නේ මනස සැහැල්ලු අයගෙයි.එ් වගේම එ් අය ශක්තිමත් කල්පනා කාරියි ගැටළු පැමිනියත් නිවැරැදිව විසඳාගෙන ඉදිරියට යන්නන්.
අත් අකුරු අතර ඉඩ බෙහෙවින්ම වැඩි අය හිතුවක්කාරයි වගේම සෙල්ලක්කාරයි.කිසිම විදියක බරක්පතලක් නැති අය, වියදම් අධිකයි,අනුන් ගැන නම් තදින් සිතනවා , ඒකෙත් සීමාවක් නෑ එ් නිසාම තමාටද හානි කර ගන්නන්,ඉවසීමක් නමි අැත්තෙම නැහැ,ටිකක් වලියටත් බරයි.
3.තිත් තැබීම
නැවතීමෙී තිත හෝ වෙනත් තිත් සහිත අකුරු ලිවීමෙීදී තිත තබන ආකාරයත් වැදගත් .තිත තිතක් ලෙසම තබන්න් හරියට වැඩක් කිරීමට උත්සාහ ගන්නන් ,කොහෙත්ම ඔීනෑවට වඩා වැඩියෙන් හෝ අඩුවෙන් කිරීමට නොපෙලඹෙන අයයි. එ් වගේම තඳ සිත් ඇතතන් නීතියට බරයි.තිත නොසැලකිලිමත්ව ඉරක් ලෙසින් තබන්නන් හෝ නොතබන්නන් බෙහෙවින්ම නොසැනොසැලකිලිමත් අයයි.තමා ගැනවත් නොසිතන ජීවත් වන්නන් වාලේ ජීවත් වන ලෙස හැඳින්විය හැකියි.
මොවුන් අන් අයටත් කරදරයක් ලෙසයි සැලකෙන්නේ. තිත ඔීනෑවට වැඩිය තදට හෝ ලොකුවට තබන්නේ ඔීනෑම දෙයක් වැඩිපුර කිරීමට වෙර දරන්නන්.ඒ වගේම තමන් ගැන බොහොම ඉහළින් සිතන්නන්.
4.ඔබෙී පෑනේ පීඩනය
ඔබට තදට අත් අකුරු ලියන්නට හැකි නම් ඔබ නිසඟ කුසලතාවයෙන් යුක්ත දක්ෂයෙක් වශයෙන් සැලකිය හැකියි.ඔීනෑම වැඩක් දෙන සැනින් කිරීමට සමත් අයෙක් ඒ වගේම ඔබ ප්‍රසන්න පුද්ගලයෙක්.පෑන සහැල්ලුවෙන් අල්ලා ලියන්නන් බෙහෙවින්ම සංවෙීදියි .දනට බරයි.ලෙහෙසියෙන් කඩා වැටෙන්නන්.ඒ වගේම දුර්වල චරිත ඇත්තන් නමුත් හොඳ මානුෂිකත්වයක් ඇත්තන් .
ඉතින් ඔන්න ඔය විදියට අත් අකුරෙ කතන්දරේ ලියලා ඉවර කරනවා.මෙී ලියපු දේවල් කලින් කිව්වා වගේ සිරිකත පත්තරේකින් තමයි උපුටා ගත්තෙ .ලියපු විදියෙ පොඩි පොඩි වෙනස්කම් නැත්නම් ඒ ලිපයම තමයි.මෙී කරුණු වල සත්‍යය අසත්‍යය බව තම තම නැණ පමනින් වටහා ගනීවි කියලා විශ්වාස කරනවා.ඒ කිව්වෙ මෙී ලිපිය එක එක පුද්ගල චරිත ගැන කතා කරන නිසා ඔබ අයිති වෙන්නෙ කුමන ඛාණ්ඩයටද කියලා තෝරන්න බලනවා අැතිනෙ. මෙී තොරතුරු අැත්තද බොරුඳ කියලා මමත් දන්නෙ නැහැනෙ.හොඳම දේ තමයි මෙී ලිපිය කියවලා තමන්ගෙ දැනුමට එකතු කර ගන්න එක මමත් කරේ ඒකම තමයි. හොඳයි එහෙනම් දැනට මම නවතිනවා.ඊළඟ පෝස්ටුව කවද දමන්න පුළුවන් වෙයිද කියලා මට නම් කියන්න බෑ එිත් හරියටම කියන්න පුළුවන් මෙී සතිය අැතුලත අනිවාර්යයෙන්ම ඊළඟ පෝස්ට් එක වැටෙන බව.එහෙනම් දැනට නවතිනවා පතනවා! හැම දෙනාටම ජය වෙන්න කියලා....ජය...
No comments:
Post a Comment