(මෙීකත් උපුටා ගැනීමක්)දෙමවුපියන්ගෙ නම්, බිරිඳගේ නම විතරක් නෙවෙයි අනියම් බිරිඳගේ නමත් කියනවා බලංගොඩ ආනන්ද මෛත්‍රය මහ නාහිමියන්ගේ මෙතෙක් පළ නොවූ සාකච්ඡා පෙළ 30 නාඩි වාක්‍ය පිළිබඳව අපි විටින් විට අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමියන් සමග සාකච්ඡා කළෙමු. මෙම සාකච්ඡාවන් සඳහා මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ප්‍රවෘත්ති) දිවංගත ප්‍රභාත් මානවසිංහ මහතා ද, දිවයින පුවත් පතේ ප්‍රවෘත්ති කර්තෘව සිටි දිවංගත දයාරත්න රණසිංහ මහතා ද සහභාගි වූහ.සිංහල බසින් රූපවාහිනි සාකච්ඡාව මෙහෙය වූයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්‌ථා නිවේදකව සිටි සුගත් ලයනල් රණසිංහ මහතාය. ඉංග්‍රීසි බසින් සාකච්ඡාව මෙහෙයවූයේ එවකට ස්‌වාධීන රූපවාහිනි සේවයේ ක්‍රීඩා වාර්තාකරු ලෙස සේවය කළ අතුල රත්නායක මහතා ය. ඇතැම් අවශ්‍ය කරුණු සහ ගැටලු සහිත තැන් පිළිබඳ විමසන ලද්දේ මවිසිනි. එකී සාකච්ඡා වෙන් වෙන් වශයෙන් දැක්‌වීමෙන් පාඨක ඔබ තුළ ඇතිවිය හැකි ව්‍යාකූල තත්ත්වයන් මඟ හැරීම සඳහා අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන්ගෙන් අප අසන ලද සියලු ප්‍රශ්න සහ උන්වහන්සේ දුන් පිළිතුරු සරලව පාඨක ඔබගේ පහසුව සඳහා මෙසේ ප්‍රශ්න සහ පිළිතුරු වශයෙන් කැටි කොට කොටස් වශයෙන් පළවන බව සලකන්න. නාඩි වාක්‍යවල ඇතුළත් ඖෂධ කාණ්‌ඩය තුළින් විවිධ මනුෂ්‍යයන්ට කලින් කලට හැදෙන විවිධ රෝගාබාධවලට අවශ්‍ය ප්‍රත්‍යක්‍ෂ ප්‍රතිකාර ක්‍රම කියෑවෙනවා. හදවත් රෝග, දියවැඩියාව, ක්‍ෂය රෝගය, අර්ශස් ආදී විවිධ රෝගයන් සඳහා ගතයුතු ප්‍රතිකාර ගැන සඳහන් වනවා. විශේෂයෙන් සඳහන් කළ යුතු දෙයක් තමයි ඇස්‌වල ඇතිවන කාච රෝගවලට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර එම පොත්වල සඳහන් වෙනවා. මේ නාඩි ග්‍රන්ථ පරිශීලනය කළොත් අපේ දේශීය වෛද්‍ය ක්‍රමය ඉතා ඉහළ තලයකට ගෙන එන්නට පුළුවන් වෙයි කියලා මට හිතෙනවා. ප්‍රශ්නය : අවසරයි ස්‌වාමිනී, නාඩි වාක්‍ය කියවපු ඇතැම් දෙනාට තියෙන ප්‍රශ්නයක් තමයි, ඇතැම් විට කියා ඇති දේ සිදුවෙන්නේ නැහැ. ඇතැම් විට ප්‍රමාද වී කියූ දේවල් සිදුවෙනවා. මේ විදිහට වැරදීම් සිදුවෙන්නේ කොහොමද ස්‌වාමීනි. balangoda1නා හිමි : ඔය වගේ සිද්ධි මීට පෙර කීප දෙනෙක්‌ම මගෙන් ඇහුවා. මේ ගැන මම නාඩි කියෑවීම් තුළින්ම විමසුවා. මීට ඉස්‌සර වෙලා මම කියපු විදිහට මීට අවුරුදු 5000 කට 6000 කට පෙර සිටි ඝෘෂින් වහන්සේලා තමයි මේ අනාගත වාක්‍ය "නාඩි වාක්‍ය" කියලා තියෙන්නේ. මේ ඇත්තෝ තමන්ගේ ගෝලයන්ට මේ නාඩි වාක්‍ය ශ්ලෝක වශයෙන් කටපාඩම් කරවලා තමයි මෙම නාඩි වාක්‍ය පරම්පරාවෙන් පරම්පරාවට රැකගෙන ඇවිල්ලා තියෙන්නේ. කට පාඩමින් ගෙන එන කොට වැරදීම් සිදුවීමට තියෙන ඉඩකඩ වැඩියි. කොටින්ම මුලින්ම කටපාඩම් කරපු කෙනා වැරදි වචනයක්, වැරදි වාක්‍යයක් පාඩම් කරගෙන තිබුණා නම් ඊළඟ කෙනා පාඩම් කරන්නේත් එම වැරදි වචනයයි. වැරදි වාක්‍යයයි ඔය විදිහට පරම්පරාවෙන් පරම්පරාවට එනකොට වැරදීම් වැඩි වෙනවා. ප්‍රශ්නය : ස්‌වාමීනි එතකොට ලේඛනගත කරන කොටත් වැරදීම් සිද්ධ වෙනවද? නාහිමි : මං මීට පෙර කීවා වගේ මෙම නාඩි ශාස්‌ත්‍රය මුලින්ම ලේඛනගත කරවලා තියෙන්නේ මීට අවුරුදු 2,500 කට පමණ පෙර සිටි තංජෝර් රජතුමා විසින් කියල. මෙම ශාස්‌ත්‍රවල තියෙන වටිනාකම තේරුම් ගෙන රට පුරා නාඩි කියවමින් සිටි බ්‍රාහ්මණ වංශිකයන් තංජෝර් මාලිගාවට කැඳවලා මෙම නාඩි වාක්‍ය තල්පත්වල ලේඛනගත කළා. විවිධ භාෂාවලින් මෙම නාඩි වාක්‍ය ලියෑවිලා තියෙනවා. මෙහෙම ලියන අවස්‌ථාවේත් වැරදීම් සිද්ධ වෙන්න පුළුවන්. මේවා ලියෑවිලා තියෙන්නේ ඉතා සියුම් තිත් සහ ඉරිකෑලි විදිහට. මේ පිළිබඳ මං පස්‌සේ විස්‌තර කියන්නම්. නැවත විවිධ භාෂාවලට පරිවර්තනය කරන කොටත් වැරදීම් සිදුවන්න පුළුවන්. අර්ථය වෙනස් වෙන්න පුළුවන්. නාඩි වාක්‍ය කියවන අවස්‌ථාවේදීත් ඒවා තේරුම් කරලා දෙන තැනැත්තා අතිනුත් වැරදි සිද්ධ වෙන්න පුළුවන්. නැවතත් නාඩි වාක්‍ය විස්‌තර කොපි පොත්වලට, කැසට් පටවලට, ගන්න කොටත් වැරදි සිද්ධ වෙන්න පුළුවන්. ප්‍රශ්නය : එතකොට ස්‌වාමීනි, අපට ලැබෙන නාඩි වාක්‍ය කියෑවීම වැරදි නම් අපි කොහොමද නිවැරදිම නාඩි වාක්‍ය ලබාගන්නේ. නාහිමි : වැරදි නාඩි කියෑවීමක් තමන්ට ලැබිලා තියෙනවා කියලා හිතෙනවා නම්, ඒකටත් පිළියමක් නාඩි වාක්‍ය තුළම තියෙනවා. නාඩි වාක්‍යවල එක විශේෂ කාණ්‌ඩයක් තියෙනවා, ප්‍රශ්න කාණ්‌ඩම් කියලා. මේ කාණ්‌ඩය තුළින් මමත් අවස්‌ථා ගණනාවකදීම තොරතුරු විමසලා බැලුවා. ඒ ක්‍රමයෙන් තමන්ගේ නාඩි වාක්‍යයේ සඳහන් සත්‍ය අසත්‍යතාව තහවුරු කර ගන්නට පුළුවන්. තව දෙයක් මට කියන්න තියනවා. බුදුන් වහන්සේ වදාළ ධර්මය උන්වහන්සේ පිරිනිවන් පාලා මාස තුනක් වෙනකොට යම් යම් භික්‌ෂුන් වහන්සේලා විසින් වැරදි අර්ථකථන දීමට උත්සාහ දැරුවා. ඒ අවස්‌ථාවේ කාශ්‍යප මහරහතන් වහන්සේ, මහරහතුන් වහන්සේලා පමණක් සම්බන්ධ කරගෙන ප්‍රථම ධර්ම සංඝායනාවක් පවත්වලා ධර්මය කොටස්‌වලට බෙදලා එක් එක් භික්‌ෂු සමූහයාට ඒ කොටස් කටපාඩම් කරමින් රැක ගැනීමේ වගකීම පැවරුවා. මේ අවස්‌ථාවේ මට මතක් වෙනවා ආනන්ද මහ රහතන් වහන්සේගේ කාර්ය භාරය. මේ සංඝායනාවට සහභාගි වීමට අවසරය තිබුණේ මහ රහතන් වහන්සේලාට පමණයි. මේ වනවිට ධර්ම භාණ්‌ඩාගාරික කියන විරුදාවලිය ලබා සිටි ආනන්ද හාමුදුරුවෝ රහත් භාවය ලබා සිටියේ නැහැ. උන්වහන්සේ අසූ හාරදහසක් වූ ධර්මස්‌කන්ධය සිතින් දරාගෙන රැකගෙන ආව හාමුදුරුවෝ. සංඝයනාවට සහභාගිවීමට අවශ්‍යම තැනැත්තා වුණේ ආනන්ද හාමුදුරුවෝයි. උන්වහන්සේ දිවා - රාත්‍රි භාවනායෝගීව සිට මහත් ආයාසයක් දරලා සංඝායනාවට පෙර මහ රහත් භාවයට පත්වුණා. ඒ විදිහටයි සත්‍ය බුද්ධ දේශනාව අද දක්‌වාම පවතින්නේ. විවිධ අවස්‌ථාවල නැවත නැවතත් සංඝායනා පවත්වමින් බුද්ධ දේශනාව මහ සඟ පරපුර විසින් රැකගත්ත නිසා. මම එක සිද්ධියක් කියන්නම්. 1955 දී බුරුමයේ පැවැත්වුණු සංඝායනාවට මමත් සහභාගි වුණා. එතන එක වචනයක් පිළිබඳව දින ගණනාවක් මහා තෙරුන් වහන්සේලා වාද විවාද කළා. බුරුම පත පොතේ සඳහන් වුණේ "පත්ථ පත්ථ මූකලන්" කියල මෙහි මූකලන් යන වචනය වැරදියි. මං පැහැදිලි කළා එය "පත්ථ පත්ථ පුලකං" වශයෙන් නිවැරදි විය යුතුයි කියලා. තර්ක විතර්ක කරලා පතපොතින් ශබ්ද නිඟණ්‌ඩු ආදී දේවලින් මං කරුණු උපුටලා පෙන්නුවාට පස්‌සේ බුරුම ජනාධිපතිතුමා, අගමැතිතුමා එය නිවැරදි බව පිළිගත්තා. මං මේ කරුණ කිව්වේ බුද්ධ භාෂිතය නිවැරදිව රැකගැනීම සඳහා බොහෝ සේ භික්‌ෂුන් වහන්සේලා, රජවරු, ජනාධිපතිවරු, අගමැතිවරු කටයුතු කරලා තියනවා කියන එක පෙන්නන්න. නමුත් නාඩි වාක්‍යවල සිදු වී ඇති වැරදි නිවැරදි කිරීමට කිසිවෙක් හෝ හිටියේ නැහැ. ඒත්, බුදුන්වහන්සේ උපදින්නට අවුරුදු 3000 කට පෙර ප්‍රකාශිත නාඩි වාක්‍ය කිසිම අවස්‌ථාවක සංශෝධනවලට භාජනය කරලා නැහැ. එමනිසා යම් යම් අඩු ලුහුඬුකම් ඇතිවිය හැකියි. ඒත් ඒවා නිවැරදි කර ගැනීමේ ක්‍රමය ප්‍රශ්න කාණ්‌ඩ තුළින් උදාවෙලා තියෙන නිසා මේ පිළිබඳ කිසිම කෙනකුට සැකයක් ඇතිකර ගත යුතු නැහැ. ප්‍රශ්නය : මේ ප්‍රශ්නයටම සම්බන්ධ කරලා තවත් ගැටලුවක් විසඳා ගැනීමට තියෙනවා ස්‌වාමීනි, ලංකාවේ ඉන්න අයට නාඩිවාක්‍ය කියවා ගැනීමේ භාග්‍ය උදාවෙලා තියෙන්නේ. දැනට ශ්‍රී ලංකාවේ ස්‌ථිර පදිංචිය ලබාගෙන සිටින අගස්‌තියර් කෞෂික නාඩි වාක්‍ය කියවන්නන්ගේ උපකාරයෙන්. මේ අය විටින් විට ඉන්දියාවට ගිහිල්ලා සමහරුන්ගේ නාඩි වාක්‍ය ඇතුළත් තල්පත් ගෙනාවා. ඒ ආශ්‍රයෙන් නාඩි වාක්‍ය කියවනවා. ඒත් ස්‌වාමීනි, මේ නාඩි වාක්‍ය කියවන ක්‍රමය නිසා බොහෝ දෙනා කියනවා අපෙන්ම ප්‍රශ්න අහලා. අපෙන්ම විස්‌තර ලබාගෙන නැවතත් ඒ විස්‌තර අපටම කියනවා කියලා. මේ ගැන ඔවුන් තුළ සැකයක් තියනවා. මේ ප්‍රශ්නයට ඔබ වහන්සේගේ පිළිතුර මොකක්‌ද ස්‌වාමීනී. නා හිමි : ඔය ප්‍රශ්නය මගෙන් මීට පෙර කීපදෙනෙක්‌ම අහලා තියනවා. මට පළමුවෙන්ම කියන්න තියෙන්නේ අපේ මිනිස්‌සු නිමිති බලන්න යන්නෙත්, සාස්‌තර අහන්න යන්නෙත් හිතේ සැකයක් තියාගෙන. තමන් සාස්‌තර අහන්න ගියා කියලා තවත් කෙනකුට කීවම ඒ ඇත්තෝ ඉස්‌සරලම අහන්නේ හරියට කියෑවුණා ද කියලා. ඕක ගැන පුදුම වෙන්න දෙයන් නැහැ මහත්තයෝ. අපේ බුද්ධ දේශනාවේ මූලික ඉගැන්වීම තමයි චතුරාර්ය සත්‍යය. ඒ කියන්නේ දුක්‌ඛ, සමුදය, නිරෝධ, මාර්ග කියන කොටස්. දුක, දුක ඉපදීමට හේතුව, දුක නැති කිරීමේ මාර්ගය, ඉන් ලබන ඵලය කියලනේ. අපේ බෞද්ධයෝ මේ පරම සත්‍ය ගැනත් සැක හිතනවනේ. ප්‍රශ්න කරනවනේ. අහපු ප්‍රශ්නෙට පිළිතුර මෙහෙමයි. ඔය නාඩි වාක්‍ය ගැන සැක කරන බොහෝ දෙනා ඒ ගැන දන්නේ නැහැ. හරි අවබෝධයක් නැහැ. විස්‌තර දන්නෙත් නැහැ. ඒ ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. මාත් මුල්ම දවසේ නාඩි වාක්‍ය ගැන සැක හිතින් තමයි හිටියේ. එම නිසා මම අනුන් කරන මේ ප්‍රශ්න කිරීම් ගැන පුදුම වන්නේ නැහැ. ඒක සාධාරණයි. මුන්නැහේ කීවා අපෙන්ම ප්‍රශ්න අහලා අපෙන්ම උත්තර අරගෙන, නැවත අපටම කියනවා කියලා ඒ අගස්‌ති කෞෂික නාඩි වාක්‍ය ක්‍රමය. ඔබට මේ නාඩි වාක්‍ය කොළේ තියෙන භාෂාව කියවන්න පුළුවන් නම් තමන්ගේ නාඩි වාක්‍ය ඇතුළත් පිටපත තමුන්ටම සොයාගන්න පුළුවන්. මේ නාඩි වාක්‍ය කියවන්නන් කරන්නේ නාඩි වාක්‍ය තල්පතේ ඇති භාෂාව ඔබ නොදන්නා නිසා ඒවා කියවන එකයි. ඔබේ නාඩි වාක්‍ය තල්පත ඔබට සොයා ගැනීමට උදව් කිරීමයි. සමහර විට දෙමළෙන් ඇති ඒ වාක්‍ය පරිවර්තනය කරන කොට පරිවර්තකයා ඒ ප්‍රකාශය ප්‍රශ්නයක් විදිහට ඔබෙන් අහනවා වෙන්න ඇති. නමුත් මුල් ග්‍රන්ථවල එහෙම ප්‍රශ්නයක් වශයෙන් නෙවෙයි තියෙන්නේ. ශ්ලෝක විදිහටයි තියෙන්නෙ. මේ එක නාඩි වාක්‍ය ක්‍රමයක් පමණයි. මුල් කාණ්‌ඩය සොයාගත්තට පස්‌සේ ඉතිරි සියලුම විස්‌තර වර්තමානය, අනාගතය, පෙර භවය, මතුභවය, මරණය සිදුවන දිනය, විවාහවන කාලය, විවාහ වන්නේ කුමන පළාතකින් ද ආදී හැම දෙයක්‌ම ඔබෙන් විස්‌තර අහලා දැනගෙන නෙවෙයි ඒ ඇත්තෝ කියන්නේ. මේ කාණ්‌ඩයේ දැක්‌වෙන දේවල් ඒ ඇත්තෝ කියන්නේ තල්පතේ ඇති විස්‌තරයි. තව නාඩි ක්‍රමයක් තියෙනවා, ඔබ ඒ ඇත්තන්ට ඔබේ කේන්ද්‍ර පිටපත දුන්නම ඒ ඇත්තෝ ඒ ඇත්තන්ගේ පුස්‌තකාලයෙන් ඒ කේන්ද්‍රයට ගැලපෙන තල්පත් මිටියෙන් ඔබේ නම, දෙමවුපියන්ගෙ නම්, බිරිඳගේ නම ආදිය කියවනවා. අනියම් බිරිඳක් ඉන්නවා නම් ඇයගේ නමත් කියනවා. ඔබ එක වචනයක්‌වත් කිවයුතු නැහැ. තවත් නාඩි ක්‍රමයක් තියනවා මට මතකයි කමලමූර්ති නාඩි වාක්‍ය. ඒ නාඩි වාක්‍ය කියවා ගැනීමට යන තැනැත්තා තමන්ගේ මාපටැඟිල්ලේ සලකුණ පමණයි දෙන්නට ඕනෑ කරන්නේ. එහි සඳහන් රේඛා සලකා බලලා ඒ අය විස්‌තර කියනවා. මං ගැන කියනවා නම් මගේ අතේ ඇති රේඛාව ගැන බලලයි මට විස්‌තර කිව්වේ. මේ පිළිබඳව මං පසුවට දීර්ඝ විස්‌තරයක් කියන්නම්. කමලමූර්ති නාඩි වාක්‍යයෙන් ද මම නාඩි කියෙව්වා. ඒ මගේ දකුණු අතේ මාපටඟිල්ලෙන් සටහන් ලබාගෙන. මට සම්පූර්ණ විස්‌තරයක් දුන්නා. එක වචනයක්‌වත් ඔවුන් මගෙන් ඇහුවේ නැහැ. අනෙක් අයගෙනුත් ඒ වගේමයි. ප්‍රශ්න කිසිවක් අහන්නේ නැහැ. පිරිමි පාර්ශ්වයේ දකුණු මාපටැඟිල්ලේ සටහනකුත්, කාන්තා පාර්ශ්වයේ වම් මාපටඟිල්ලේ සටහනකුත් ලබාගෙන විස්‌තර කියනවා. මේ ක්‍රමය නම් මට හරිම පුදුමයි. විශ්මිතයි. ප්‍රශ්නය : ස්‌වාමිනී, සමහරුන්ට තමාගේ විවාහය පිළිබඳ කියෑවෙන හත්වැනි පරිච්ඡේදය ගැන විමසුවම කෙළින්ම විවාහ වන අයගේ නම හෝ පදිංචි ස්‌ථානය පිළිබඳ කියන්නේ නැහැ. ඉන්න දිශාව, ගෙදර තොරතුරු මාර්ග සලකුණු, නමත් කියන්නේ ව්‍යංගයෙන්. ඝෘෂිවරුන් ඇයි මේ ප්‍රශ්න කෙළින්ම නොකියන්නේ. නා හිමි : මේක හරි සංකීර්ණ ප්‍රශ්නයක් මහත්මයා, ඉන්දියාව කියන්නේ මහ විශාල රටක්. විවිධ ජාතිවල, කුලවල භාෂා කතා කරන පිරිසක් ඉන්න රටක්. කුලවාදය ඉන්දියාවේ තදින්ම තියනවා. සමහර විට ඝෘෂින් වහන්සේලා විවාහය වගේ දේවල් කෙළින්ම නොකියා, ව්‍යංගයෙන් කියලා තියෙන්නේ ආරක්‌ෂාව නිසා වෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් එක උසස් කුලයක කෙනකුගේ විවාහය කර්මානුරූපීව සිද්ධ වෙන්න තියෙන්නේ ඉතාම පහත් කුලයක කෙනකු සමඟ නම් අනිවාර්යයෙන්ම ඒ තැනැත්තා හෝ තැනැත්තිය සොයාගෙන ගිහිල්ලා ඒ පවුලේ ඇත්තෝ ඒ තැනැත්තා හෝ තැනැත්තිය විනාශ කරනවා. ඒ විවාහ අවස්‌ථාව නැති කිරීමට, එම අවස්‌ථාව වෙනස් කරන්න. එම නිසයි මේ විදිහට වාක්‍ය නාඩි කියන්න ඇත්තේ. ඉස්‌සර වුණත් අපේ රටේ රාජ කුමාරවරු සැඩොල් කාන්තාවන් විවාහ කරගත් අවස්‌ථාවන් තියනවානේ. පණ්‌ඩුකාභය රජතුමාගේ කතාව වුණත් මේ පිළිබඳ උදාහරණයක් හැටියට ගන්න පුළුවන්. මට තවත් කරුණක් මුන්නැහේට කියන්න තියෙනවා. සමහර අයගේ නාඩි වාක්‍ය කියවාගෙන යනකොට, රටේ පාලකයට වන අතුරු අන්තරා සහ රටේ ඇතිවන අර්බුද පිළිබඳවත් සඳහන් වනවා. මේක විශේෂ අවස්‌ථාවක්. ඔබේ රටේ නායකයා මේ වසරේදී මියයනවා. ඊට පස්‌සේ ඔබේ කාර්යය ඉටුවෙනවා කියලා. සමහර නාඩි වාක්‍යවල කියෑවෙනවා. මේවා අධ්‍යයනය කළොත් රටක ඉරණම පිළිබඳ පූර්ව දැනගැනීමක් ලබාගෙන රටට සෙතක් වන අයුරින් කටයුතු කිරීමේ අවස්‌ථාවක් තියෙනවා. සංස්‌කාරකගේ සටහන - මෙවැනි අවස්‌ථා දෙකක් මගේ විමර්ශනයේදී දැනගත හැකි විය. "ඉසිවරුන් දුටුබව ගමන" (2) නම් වූ දෙවැනි කෘතියේ ඒ පිළිබඳ විස්‌තර ඇතුළත් වේ. ප්‍රශ්නය : ස්‌වාමිනී, අපි දීර්ඝ වශයෙන් කතා කළේ, නාඩි වාක්‍ය, නාඩි වාක්‍ය ක්‍රම, ඒවා ලියෑවුණේ කොහොමද. අපි නාඩි වාක්‍ය ලබාගන්න ක්‍රම ආදිය පිළිබඳවයි. දැන් ස්‌වාමිනී, මේ නාඩි වාක්‍ය අපි දැනගත්තේ ඔබ වහන්සේ විසින් පතපොත සඟරාවලට ලියන ලද ලිපි ලේඛන නිසයි. ස්‌වාමිනී, අවසරයි, නාඩි වාක්‍ය පිළිබඳ ඔබ වහන්සේගේ පෞද්ගලික අත්දැකීම් මොනවද? නා හිමි : හොඳයි, මෙහෙමයි සිද්ධ වුණේ. මට ඕන කරලා තිබුණා මගේ ජන්ම පත්‍රය, කේන්ද්‍ර කොපිය නිවැරදිව සකස් කරගන්න. නාඩි වාක්‍ය මූලාශ්‍රයෙන් ඔවුන් මගේ ජන්ම පත්‍රය, කේන්ද්‍රය නිවැරදිව ලබා දුන්නා. උපන් දිනය ආදී විස්‌තර සමූහයක්. මේ දක්‌වා ඔවුන් විසින් මා ගැන කියා තිබූ අනාගත වාක්‍ය සියල්ල ඉතාම නිවැරදියි, සත්‍යයි. (1992) ප්‍රශ්නය : නාඩි වාක්‍ය ඔබ වහන්සේ විසින්ම අත්දැකීමෙන්ම ලබාගත්ත ද ස්‌වාමීනි. නාහිමි : හොඳයි මම මේ සියලු කතන්දරය, විස්‌තරය, ඔබට කියන්නම්. මුලින්ම මම නාඩි වාක්‍ය ගැන වැඩිවිස්‌තර මුකුත් දැනගෙන හිටියේ නැහැ. ඒ ගැන යන්තං අහලා තිබුණා විතරයි. නමුත් මම ඒවා විශ්වාස කළේ නැහැ. වරක් 1952 දී කල්කටාවේ මලබාර් පළාතේ පදිංචිවෙලා ඉන්න මගේ මිත්‍ර බෞද්ධ නීතිඥයෙක් වන මන්ජන් රාමන්ලාල් මහත්මයාගේ ආරාධනාවක් පිට කල්කටාවට යන අතරතුර මදුරාසියේ මහාබෝධි සමාගමට අයත් මධ්‍යස්‌ථානයක නතර වුණා. ඒ දවස්‌වල එම ආයතනයේ භාරකාරයා හැටියට සිටියේ පූජ්‍ය නීලවක්‌කේ සෝමානන්ද හාමුදුරුවෝ. අපි රාත්‍රි කාලයේ එක එක දේවල් ගැන කතා කරමින් ඉන්න කොට මං ඇහුවා උන්වහන්සේගෙන්, උන්වහන්සේ දන්න දක්‍ෂ ජ්‍යෙdතිර්වේදියෙක් එහෙම ඉන්නවද කියල මගේ කේන්ද්‍රය නිවැරදිව හදාගන්න පුඵවන්. උන්වහන්සේ මගෙන් ඇහුවා ඇයි එහෙම කෙනෙක් ගැන අහන්නේ කියලා. මං කිව්වා මම ටිකක් ජ්‍යෙdතිෂය ගැන දන්නවා. මගේ දැනීමේ හැටියට මගේ කේන්දරය මට පිළිගන්න අමාරුයි. මගේ කේන්දරය හරි මදියි. කේන්දරයේ මොකක් හරි වරදක් තියෙනවා. ඒක මට නිවැරදි කරගන්න ඕනෑ කියල. එතකොට උන්වහන්සේ කිව්වා ඇයි ඕකට ඔච්චර කරදර වෙන්නේ. ශාස්‌ත්‍රකාරයන් පස්‌සේ යන්නේ. ලබන සතියට ( දිවයින ) බදුල්ලේ මෛත්‍රී රත්නායක